News

” අයියම මට කියල තියෙනවා, එයාගේ මතක ශක්තිය ගැන, එයාට තියෙන හැකියාවන් ගැන”

මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂ වු කාර්‍යබාර්‍යයක් ඉටුකළ ලාංකිකයන් හැමෝගෙම ආදරය හිමිකර ගත් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ..

මේවෙද්දී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා ගැන පසුගිය දිනවල නොයෙකුත් ආකාරයේ කට කතාවන් පැතිර යමින් තිබුණා.. ඒ ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින 500 ක් ඉක්මවා ගොස් තිබීම නිසාවෙනුයි…

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුනේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

ඒ කොහොම වෙතත් සිය සහෝදරයා වෙනුවෙන් සංවේදී වන සුදත් ඇන්තනී මහතා නම් සදහන් කරන්නේ සිය සොයුරා ගැන තව දුරටත් බලාපොරොත්තු තබාගත හැකි බවයි.. එලෙස අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙන්න මේ විදිහේ කතාවකුයි..

"අයියම මට කියලා තියෙනවා, එයාගේ මතක ශක්තිය ගැන, එයාට තියෙන හැකියාවන් ගැන. අයියා මෙහේ ආවේ (මේ ලෝකෙට ආවේ) මොකක් හරි මිෂන් එකකට. අයියගේ ඒ මිෂන් එක තාම ඉවර නෑ…."

Leave a Reply

Your email address will not be published. Required fields are marked *