මේ උපන්දිනය දවසේ ඔයාට මම දෙන ලොකුම තෑග්ග තමයි මේක… කියන හැම දෙයක්ම අහගෙන ඉන්න මමත් පුරුදු වෙන්නම්…
ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කාගෙත් ආදරය මෙන්ම ආකර්ෂණය හිමිකර ගත් ජනප්‍රිය මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි සංජානා කියන්නේ…
ඇත්තෙන්ම සංජානා ගැන ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. මොකද ඇය පුංචි තිරය තුළ වගේම සමාජ ජාලා මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක්..
මෑතකදී විවාහ ගිවිසගත්ත සංජානාගේ ඒ ලස්සන දවස බොහෝදෙනෙකුට මතක ඇති කියලා අපි හිතනවා.. ඇත්තටම එදා ඇය කවදාටත් වඩා ලස්සනට හිටියා කිව්වොත් නිවැරැදියි...
කොහොම නමුත් පසුගියදා සංජානාට සුවිශේෂ දිනයක් බවට පත්වුණා. ඒ ඇගේ ආදරණීය සැමියාගේ උපන්දිනය නිසාවෙන්.. ඉතින් සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් අපූරු සුබ පැතුමක් එක් කිරීමටයි ඇය කටයුතු කරලා තිබුණේ…
ඔහු කියන දේ අහගෙන ඉන්න ඔහුට සහයෝගය ලබා දෙන හොඳ බිරිඳක් වෙන එක තමයි ලු මෙදා සැරේ ඔහුට දෙන හොඳම උපන්දින තෑග්ග..
ඒ විදිහට තමයි ඇය මෙදා සැරේ සිය ආදරණීය සැමියාගේ උපන්දිනයට සුභපැතුම් එක් කරලා තිබුණේ…