News

” මාව දරාගෙන ඉන්නවාට ගොඩාක් ස්තූතියි.. හැමදාමත් මගේ ලගින්ම ඉන්න ” ආදරණීය බිරිඳ රැන්ඩෙලාගේ උපන්දිනයට දිනේෂ් සුබපැතුම් එක්කර තිබුණු හැටි

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ගායකයෙකු තමයි දිනේෂ් කියන්නේ.. ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

ඒ වගේම දිනේෂ් - රැන්ඩෙලා ආදර කතාව ගැනත් මේවෙනකොට හැමෝම වගේ දන්නවා... ආදරණීය ලෙස සාර්ථක යුගදිවියක් ගතකරන ඔවුන්ගේ ආදර කතාවට මේවෙද්දී වසර ගණනාවක්...

ඇත්තෙන්ම දුකට සැපට ලග ඉන්න ඇය දිනේෂ්ගේ මුළු ජීවිතයම වෙලා... කොහොමවෙතත් දියණියන් දෙදෙනාත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දිනේෂ් - රැන්ඩෙලාට ඊයේ දිනය සුවිශේෂ දිනයක්...

ඒ දිනේෂ්ගේ ආදරණීය බිරිඳ රැන්ඩෙලාගේ උපන්දිනය නිසාවෙනුයි. ඉතින් රැන්ඩෙලාගේ උපන්දිනය දවසේ දිනේෂ් ඒ වෙනුවෙන් ආදරණීය සටහනක් එක්කර තිබුණා. එහිදී ඔහු කියල තිබුණේ මෙන්න මේ වගේ කතාවකුයි…

“ඔයා තමයි මගේ හැමදේම… ඔයාට සුභම සුභ උපන්දිනයක් කියලා මගේ මුලු හදවතින්ම මම ඔයාට ප්‍රාර්ථනා කරන ගමන් ඔයා මාව දරාගෙන ඉන්නවට ගොඩක් ස්තුතියි… හැමදාම මගෙ ලගින් ඉන්න මම ගොඩක් ආදරෙයි…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *