බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබු ලාංකීය හෙදිය
ලාංකීය සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ ඉන්න කොයි කවුරුත් හදුනන දක්ෂ මෙන්ම නිහතමානි හෙද නිලධාරිනියක් තමයි පුෂ්පා රම්‍යානී ද සොයිසා කියන්නේ. කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් සුවිශේෂ වු කාර්‍යබාර්‍යයක් ඉටුකරන ඇය වෘත්තියට එහා ගිය සේවාවක් සපයනවා කිව්වොත් නිවැරදියි..
ජාතික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ රෝගීන් වර්ගීකරණය හා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන හෙද නිලධාරිනිය වන ඇය ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.
ඊයේ පස්වරු 7 ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි විය.
විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ අවස්තාව නියෝජනය කළ අතර හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය වනවා.
තවද London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි G20 සංවිධානය මගින් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ද ඇය පිදුම් ලැබීය.