” මම දැඩිම වේදනාවක් වින්දේ රමණිගේ හිසට ශල්‍යකර්මයක් කරන්න ගෙනියන වෙලාවේ ” රමණි බර්තොලමියුස් ගැන කමල් කියපු කතාව
මෙරට කලා ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු තමයි කමල් අද්දර ආරච්චි කියන්නේ. ඇත්තෙන්ම පුංචි තිරයේ වගේම සිනමාව තුළත් ජනප්‍රියත්වයට පත් ඔහුට මේවෙද්දී ඉහළ ජනතා ආදරයක් වගේම ආකර්ෂණයක් හිමිවෙලා තිබෙනවා කිව්වොත් නිවැරැදියි…
එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන ඔහු සමගින් කියැවෙන තවත් නමක් තමයි රමණි එලිසබෙත් බර්තොලමියුස් කියන්නේ..
ඇත්තෙන්ම මිස් ශ්‍රී ලංකා වෙලා ලංකාවම හදුනන චරිතයක් බවට පත් ඇගේ සහ කමල්ගේ ආදර අන්දරය ගැන මේවෙනකොට නොදන්නා කෙනෙකු නැති තරම්..
1987 දී සිදුවෙන අනතුරක් නිසාවෙන් ඇගේ වියෝව සිදුවෙන අතර එලෙස සිදුවෙන වියෝවත් සමග ඔහුට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් ඒ ගැන සම්බන්ධයෙන් ඔහු පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙලෙසයි..
87 ජූනි 28 ඇය සිටියේ ටිකක් ආවේගයෙන් අපි අතර පොඩි බහින් බස්වීමක් වුණා.
ඇයගේ තරහ නිවෙනකන් නිවසෙන් පිටවෙන්න හදනකොටම ඇයත් වාහනයට නැග්ගා.
එය මං තුන්හිතකින්වත් නොහිතපු දෙයක්.
විශ්වාස කරගත නොහැකි දෙයක් වුණා.
ඇය වාහනයෙන් විසිවෙලා ඔලුව වැදිලා තිබුනා.
රමණිට අනතුර වෙන වෙලාවේ මම අසිහියෙන් හිටියේ නැහැ.
මම තමයි ඇයව රෝහලට එක්කගෙන ගියෙත්.
දැඩි සත්කාර ඒකකයේ දවස් තුනක් හිටියා.
ඔබ විශ්වාස කරන්න ඒ වේදනාවට මම දැඩි සත්කාර ඒකකයෙන් අඩියක්වත් එලියට තිබ්බෙ නැහැ ඒ දවස් තුන.
වතුර උගුරක්වත් නොබී ඇය ඇස් අරිනකම් මම දැඩි අධිෂ්ඨානයකින් හිටියා.
අවසානයේ මරණය ජයගත්තා.
ඒ වියෝව දරාගත්තේ පුදුම වේදනාවකින්.
මම දැඩිම වේදනාවක් වින්ඳේ රමණිගේ හිසට ශල්‍යකර්මයක් කරන්න ගෙනියන වෙලාවේ.
ඒ වෙලවේ එයාගේ කොන්ඩේ කපලා මගේ අතට දුන්නා.
මට ඒ දැනුන වේදනාව කියන්න තේරෙන්නේ නැහැ.
මම කෙස් ටික මගේ සාක්කුවට දාගත්තා.
රමණිගේ කෙස් ටික සෑහෙන්න කාලයක් මගෙ ලඟ තිබුනා.
පස්සේ රමණිගේ මල්ලි ගේ ඉල්ලීමකට මම එයාලා කොණ්ඩේ දුන්නා.
දවස් 33ක් මම රිමාන්ඩ් එකේ හිටියා.
මගෙන් නොසෑහෙන්න ප්‍රශ්න කලා.
ඒ අනතුරට නියපොත්තක තරම්වත් මගේ සම්බන්ධයක් නැතත් ඒ සිදුවීමට මට දොස් පවරලා සමාජ අපවාද සියල්ලම කලා”
ඔය ආකාරයට තමයි ඔහු රමණි නැමැති සිය පෙම්වතිය ගැන මතකය අවදි කරලා තිබුණේ..