” අපි දෙන්නම විනාඩි පහක් විතර යනතුරු හොදටම ඇඩුවා..” ශලනිගේ විවාහය දා අනුරාධායි ශලනියි සං,වේදී වුණ හේතුව
ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙන්නෙක් තමයි අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා කියන්නේ. .
මේ දෙන්නා හොදම මිතුරියන්.. ඒ කොහොම වෙතත් පහුගිය දවසක ශලනි - නිහතගෙයි විවාහය සිදුවුණා.. ඔවුන්ගේ විවාහය ගැන මේවෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්...
මේ විවාහයේදී අනුරාධා සිය මිතුරිය ශලනි වෙනුවෙන් ලියපු ගීතයක් ශලනිට තිලිණ කලා... ඇත්තෙන්ම අනුරාධා මේ ගීතය ලියන්න හේතුව තමයි ශලනිගෙයි ඇගෙයි සහෝදර බැදීම...
දෙන්නට දෙන්නගේ තියෙන ආදරේ නිසාම ලියැවුන මේ ගීතය විවාහය දවසේ හැමෝම දැක්කා.
ඒ වගේම මේ ගීතය බලපු ශලනිත් තාමත් සංවේදි වෙලා.
මේ ඒ ගැන අනුරාධා කියපු කතාව.
”සුබ නැකතට කුමරි වඩින දා ඒ සතුටට මා හැඬුවා.... සොයුරියේ මට දුන් ආදරේ මනිනු බෑ මෙතකැයි කියා” ඇත්තටම එහෙම වචන වෙලා තිබුණේ ඇය සමග මට තිබුණු බැඳීම. ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා.
ඔව්, කරපු ගීතයේ විශේෂත්වය තිබුණේ ගීතය ගායනා කළේ මම. ඇත්තටම අපි දෙන්නම ඒ සින්දුව බලලා විනාඩි 5ක් විතර යනතුරු හොඳටම ඇඩුවා. "
ඒ විදිහට තමයි අනුරාධා එදා වුණ දේ ගැන කියල තිබුණේ.