News

අනූෂා මව්පදවිය ලබන්න සූදානමින් ද ? ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන අනූෂා කියන කතාව

අනූෂා දමයන්ති කියන චරිතය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද ඇය රටම හදුනන දක්ෂ මෙන්ම සුන්දර රංගන ශිල්පිනියක්…

ඇත්තෙන්ම එදා මෙදාතුර සිය ජනප්‍රියත්වය එක ලෙසින් තබාගෙන ඉන්න ඇයට අදටත් විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආදරය කරනවා කිව්වොත් හරි… ඒ කොහොම වෙතත් කාලෙකට කලින් ඇය ගැන විශාල කතා බහක් ඇතිව තිබුණා..

ඒ ඇගේ විවාහය සිදුවීම නිසාවෙනුයි.. කොහොමවෙතත් මේ දිනවල සමාජ ජාලා මාධ්‍යය තුළ ඇය මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බවට යම් කසුකුසුවක් ඇතිවෙලා තිබෙනවා.. ඉතින් ඒ විදිහට ඇහෙන කතා ගැන පිළිතුරු ලබා දෙමින් කියල තිබුණේ මෙන්න මේ වගේ කතාවකුයි..

"මව් පදවිය කියන්නේ ඉතා උතුම් දෙයක්.. ඕනම විවාහක කාන්තාවකගේ ඊළඟ ආසාව තමයි අම්මාකෙනෙක් වෙන එක... ඒත් ඉතින් ඒ හීනෙට මමත් මග බලාගෙන හිටියත් තවමත් ඒ ආසාව ඉෂ්ට කරගන්න මමත් ඇඟිලි ගණිනවා.. අපි ගොඩක් ප්‍රසිද්ධ කලා තරු නේ... ඒ නිසා මේවගේ ගොසිප් හැදෙන එක සාමාන්‍යයි.. ඒත් ඉතින් ප්‍රේක්ෂකයෝ දැනගන්න ඕන ඒවගේ ඇත්ත නැත්ත ගැන තහවුරු කරගන්න..."

Leave a Reply

Your email address will not be published. Required fields are marked *