” උබ කොහෙද මැ,රෙන්නේ” නිදන ඇදුම මැදින් ල,යිටරය දල්වමින් සිය බිරිඳ ඝා,තනය කල පා,පතර සැමියා
සිය බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ පුද්ගලයෙකු වීරඹුගෙදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරඹුගෙදර රන්ජයගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වඩු කාර්මිකයෙකි.
මෙම අඹුසැමියන් අතර පසුගිය 27 වැනිදා ආරවුලක් ඇතිව ඇති අතර මෙහිදී බිරිඳ විසින් නිවසේ තණකොළ කපන යන්ත්‍රයට දැමීමට තිබූ පෙට්‍රල් බෝතලයක් ගෙන “තමුසේ එක්කමම ජීවත් වෙන්නේ නැහැ” යැයි කියමින් ගිනි තබා ගන්නා බව පවසා ඇත. මෙම අවස්ථාවේ සැමියාද බීමතින් සිට ඇත.
මෙහිදී සැමියා විසින් බිරිඳ අතැති පෙට්‍රල් බෝතලය උදුරාගෙන බිමට වට්ටා ඊට පයින් ගසා ඇත.
පසුව සැමියා විසින් බිරිඳ බොරුවට ගිනි තබා ගැනීමට ගියැයි කියමින් ලයිටරයෙන් ඇය හැඳ සිටි රාත්‍රි නිදන ඇඳුම අවුළවා ඇත.
එම අවස්ථාවේ ගිනි ගැනීමක් සිදුව නොමැති අතර පසුව “උඹ කොහේද මැරෙන්නේ” යැයි පවසමින් නිදන ඇඳුම මැදින් ලයිටරය දල්වා ඇත.
එම අවස්ථාවේදී බිරිඳගේ නිදන ඇඳුම ගිනි ගනිමින් ඇයගේ සිරුරම ගිනි ගැනීමට ලක්ව ඇත.
බරපතළ පිලිස්සුම් තුවාල සහිතව ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඇය පෙරේදා (13 වැනිදා) මියගොස් ඇත.