” ඊයේ ආයෙත් ඇන්දා මොකද ඒක අප්පච්චී සුවදයි” අප්පච්චී ගැන මාධවී කිව්ව කතාව
මාධවී ඇන්තනී කියන්නේ ලංකාවේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රියම චරිතයක්. ඒ බව ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ…
ඒ විතරක් නොවෙයි මාධවී මේවෙනකොට සමාජ ජාලා මාධ්‍යය තුළත් නිරන්තරයෙන් කතාබහට ළක්වෙන ආදරණීය චරිතයක් බවට පත්වෙලා තිබෙනවා. කොහොම වෙතත් පහුගිය දවසක මාධවී එයාට ලැබුණු තෑග්ගක් ගැන සදහන් කර තිබුණා අපට දැකගන්නට ලැබුණා..
ඇයට මේ විදිහට ඒ තෑග්ග ලැබිල තිබුණේ ඇගේ ආදරණීය අප්පච්චිගෙන්.. ඉතින් ඒ ගැන හරි ආදරණීය සටහනක් එක් කිරීමටයි ඇය කටයුතු කර තිබුණේ.
ඇය මේ විදිහට පළකරපු සටහනට ඇයට ආදරය කරන බොහෝදෙනෙකු අදහස් දක්වලා ත් තිබුණා. ඉතින් ඇය කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.
"මේ සාරියට වයස අවුරුදු 15ක් විතර ඇති. අප්පච්චි රට ගිහින් එනකොට ගේන තෑගි මොනවද බලන්න අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.
හැබැයි එයා හැමදාම බෑග් මලු පිරෙන්න හැමෝටම තෑගි ගෙනාවට එයාට කිසි දෙයක් ගන්නෙ නෑ.
ගෙනියන ඇඳුම් පවා එහෙ දාලා අපිට තෑගි ගේනවා.
චෙන්නයි වල චිත්‍රපට ශබ්ද සහ වර්ණ සංකලන වැඩ වලට ගියාම, අප්පච්චි දවසක් දෙකක් වෙන් කරගෙන සාරි වීථි වල ගාට ගාට අම්මටයි මටයි සාරි තෝරන් එන්නෙ බොහොම ආසාවෙන්.
මේ සාරියත් ඒ විදිහට අප්පච්චි ඉන්දියාවෙන් ගෙනාපු එකක්.
මං ඔෆිස් යනකොට හුඟක් පාරක් ඇන්දත් අදටත් මම අඳින්න ආසම සාරියක්. ඊයෙ ආයෙත් ඇන්දා මොකද ඒක අප්පච්චි සුවඳයි"