“සියල්ල තීරණය වෙන්නේ ලොව්තුරා අමා මහ බුදු පියාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවට අනුවයි” ජනප්‍රිය රංගන ශිල්පිනිය ගත් තීරණය
උදයන්ති කුලතුංග කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් කොයි කාගෙත් ආදරය හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම විශිෂ්ඨ නිර්මාණ ගණනාවක් ඔස්සේ ඇයට මෙරට ජනයාගේ ආදරය මෙන්ම ආකර්ෂණය හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.
කොහොමවෙතත් නිරන්තරයෙන් නිර්මාණ තුළින් දැකගන්නට නොලැබෙන ඇය ගැන මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. ඒ ඇය සමාජ ජාලා මාධ්‍යයට එක් කර තිබෙන ජායාරූපයක් සහ සටහනක් නිසාවෙනුයි.
ඇය එලෙස එක්කළ ජායාරූපය සහ සටහන මෙසේයි
"ඔබත් මමත් ජීවත් වන්නේ තමන් තුළ පවතින අඩුපාඩු වසන් කර ගැනීම සඳහා අනෙකාගෙ අඩුපාඩු උලුප්පා දක්වන අධර්මිෂ්ඨ සමාජයක් තුළය.
සියල්ල ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන කාල පරිච්ඡේදයන් පිලිබදව නිවැරදි අවබෝධයෙන් තොරව , ආධ්‍යාත්මික සුවය පසෙකලා ලෞකික සැප සම්පත් වෙත උමතුවෙන් ලුහුබඳින සියලු දෙනා වෙත වැඩි කල් නොගොස් නිවැරදි සත්‍යය අවබෝධ වේවා.
අවසානයේ සියල්ල තීරණය වන්නේ ලොව්තුරා අමා මහ බුදු පියාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනාවට අනුවය."