News

” ඔයා තමයි අපේ පණ… අපේ හුස්ම … අපේ ජීවිතේ …. අපේ හැමදේම…” පුංචි ආරාධනා දෝණිගේ උපන්දිනය දවසේ චතුරිකා තැබු සටහන

චතුරිකා කියන්නේ මේවෙනකොට අපේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක්. ඒ බව අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොමවෙතත් චතුරිකාගේ පුංචි දියණිය ආරාධනාගේ උපන්දිනය පහුගිය දවසක යෙදී තිබුණා.

ඒ විදිහට හතරවෙනි උපන්දිනය සමරන පුංචි දෝණි වෙනුවෙන් චතුරිකා ආදරණීය සටහනක් එක් කරන්නත් අමතක කරල තිබුණේ නැහැ. එහිදී ඇය සටහනක් එක් කරමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“මගේ පුංචි දෝනි, මගේ ලස්සන සුරංගනාවිය, අද වගේ දවසක තමයි ඔයා මං ලගට ආවේ. එදා ඉදන් අද වෙනකං, ඔයා අපේ ලෝකේ, මොන තරම් නම් ලස්සන කලාද කියනවානම්, අවුරුදු 4ක් ගෙවුනා අපිට දැනුනෙවත් නෑ. ඔයා වගේ හරිම ආදරණීය, හුරතල් ලස්සන සුරංගනාවියක් ලැබුනු මායි අප්පච්චි, හරිම වාසනාවන්තයි. ඔයා තමයි අපේ පණ… අපේ හුස්ම…. අපේ ජීවිතේ… අපේ හැමදේම…. ඔයාට අවුරුදු 4ක් පිරෙන අද දවසේ, මං මගේ රත්තරං බෝනික්කිට, සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි, තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ රැකවරණය , ආශිර්වාදය හා ආරක්ශාව මගේ මැණිකට ලැබෙන්න ඕන. අනාගතේ දවසක, අපේ රටට ජාතියට බරක් නැති, සුන්දර හදවතක් ඇති , ලස්සනම ලස්සන සුරංගනාවියක් වෙන්න ඔයාට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න ඕන. ඒ හැම තැනකදිම, මායි අප්පච්චියි ඔයාගේ පස්සෙන්ම ඉන්නවා. ඔයා මගේ ආයුශත් අරං ජීවත් වෙන්න ඕන මගෙ රත්තරං. ඔයාට බුදු සරණයි. දෙවි පිහිටයි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *