ජැක්සන් ඇන්තනී මහතාගේ මැෂින් ගලවයිද ? ජාතික රෝහලෙන් ගන්න යන අලුත්ම තීරණය මෙන්න
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මේවනවිට දින 500ක් පමණ ගත වී තිබෙනවා.
ඒ අනුව ඔහු තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන්නේද? නැතහොත් ඔහුගේ නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් ලබන සතියේ තීරණයක් ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ බලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන් සහභාගී වීමට නියමිත බව සදහන්.
එමෙන්ම, රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහද එම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
උපුටා ගැනීමක්