News

” තාත්තත් එක්ක මට ඉන්න බැහැ … කිසිවක් නොතේරෙන පුංචි මල් කැකුළකට පියෙක් කළ හ,දියක්..

පියෙකුගෙන් සිය දරුවාට හිමිවෙන ආදරය සහ රැකවරණය මේ ලෝකයේ කිසිම දේකට සම කිරීමට නොහැකියි. ඒ විදිහේ ආදරයක් සහ රැකවරණයක් බලාපොරොත්තු වු දරුවෙකුට මේ විදිහේ දෙයකට මුහුණ දෙන්න වේවී කියල අපි කවුරුත් හිතන්නේ නැහැ.

මාවතගම ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබෙන්නේ ඉතාමත් සං,වේදී කතාවකුයි..

පවුල් ආරවුලක් නිසා වයස අවුරුදු නවයක් වන මෙම දැරියගේ මව එම නිවසින් ගොස් තිබූ අතර දැරිය සහ පියා පමණක් අදාළ නිවසේ රැදී සිටියදී මෙලෙස දියණියට අතවර සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ….

කොහොම වුණත් දියණියද සමඟ මව හිතවතෙකුගේ නිවසට ගොස් තිබුණ අවස්තාවක එම නිවසේදී තවත් දරුවෙක් සමඟ සෙල්ලම් කරමින් සිටියදී එම දැරිය පවසා තිබු කරුණකින් මෙම අපයෝජනය පිළිබඳ කරුණු හෙලිව තිබුණා…

ඇය පවසා තිබුණේ " අම්මා ආයෙත් අපේ ගෙදර යන්නේ නැත්තන් හොඳයි. තාත්තත් එක්ක මට ඉන්න බැහැ. තාත්තා මට බලහත්කාරයෙන් එක එක දේවල් කරනවා. අම්මට කියනවා කියලා කිව්වහම මට පිහියෙන් අනින්න හදනවා"

ඒ බව ඇසු යහළුවා "ඔයාලා දැන් ඉන්නේ අපේ ගෙදර. ඒ හින්දා බයවෙන්න එපා. මේ ගැන ඔයාලගේ අම්මට කියන්න " යනුවෙන් එම දැරියට පවසා තිබෙනවා.

තම පියාගෙන් සිදුවන හිරිහැර ගැන එම දැරිය තම මවට පවසා ඇත්තේ ඒ අනුවයි.

අපයෝජනයට ලක් වු දැරියගේ මව ඔවුන් නතර වී සිටි නිවසට එම පුද්ගලයා ගෙන්වීමටයි උත්සාහ කර ඇත්තේ.

කෙසේ වෙතත් දියණිය අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් තම මව සමඟ පවසා ඇති බව තහවුරු කරගත් සැකකාර පියා එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

අපයෝජනයට ලක් වු දැරියගේ මව පවසන්නේ අදාළ සැකකාර පියා විසින් තමන් සහ දියණිය ඝාතනය කරන බවට කළ තර්ජනය හමුවේ ඔවුන් මේ වන විටත් සැඟව සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *