පියාගේ තුංමාසේ පිංකම දිනයේදී ඉංජිනේරූ තාක්ෂණවේදයෙන් ලංකාවේ ප්‍රථමයා බවට පත් සිසුවාගේ කතාව
සමුදිත නයනප්‍රිය සිසුවාට පහුගියදා ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කඩයිමක් පසු කරන්නට හැකි වෙලා තිබෙනවා.
මෙවර අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා වීමට වරම් ලැබුණ නිසායි…
ඒ භාග්‍ය ඔහුට ලැබුනත් ඒ සතුටත් එක්කම තවත් දුක්මුසු සිද්ධියක් එකතු වෙච්ච කතාවක් තමයි මේ කියන්න යන්නේ…..
සමුදිත ගේ පියා ඔහුගෙන් වෙන් වෙලා හරියටම ඊයේ දිනයට මාස තුනක්…
ඒ දුක්මුසු මතකය හැමෝගෙම හද පාරවනකොට ඒ කඳුළ මැදින් සිනහවක් ගේන්න සමුදිත ට හැකියාව ලැබුනේ ඔහු ලබාගත් උසස් පෙළ මේ ජයග්‍රහණයක් සමඟයි…
සමුදිතගේ පියා මේ වෙලාවේ සතුටු වෙන්න ඔවුන් අතර නොසිටියත් සිය පියාත් මතක් කරමින් සමුදිත ශිෂ්‍යයා පැවසුවේ මෙන්න මෙහෙම කථාවක්….
“තාත්තා නැති වෙලා තුන් මාසේ පින්කම දවසෙම විභාග ප්‍රතිඵල ලැබුණා. තාත්තා ආසා කරපු විදියට ඉහළ තැනක ඉන්න ලැබීම ගැන සතුටුයි.”