Helth tips

මූත්‍රා ගල් හැදිල තිබෙන අයට විතරක් නොවෙයි හැදෙයි කියල බයේ ඉන්න කට්ටියටත් , තම්බලා බොන්න කියාපු බෙහෙත

පොල්පලා වල වකුගඩු හා මුත්‍රා ආසාධනයන් පමණක් නොවෙයි මුත්‍රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම පහසු කරවීම සඳහා පොල්පලා විවිධ ආකාරයට පිළයෙල කර ගනි.

අතිතයේදී බොහෝ වේදනා වලට කල පිලියමක් තමයි බෙහෙත් පොට්ටනි වලින් තැවීම සහ තෙල් ගෑම පොල්පලා වන්ඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් අඩු කර ගැනීම අපේ සිංහල වේද මහත්වරුන් ඒ කාලයේ බහුලව කර තිබෙනවා.

පොල්පලා වල මුල් නිජබිම ලෙස හැදින්වෙන්නේ අප්‍රිකා මහා ද්වීපය වුවත් මේ අගනා පැලෑටිය ආසියාව පුරාමත් ඔස්ටේලියාවෙත් සරුවට වැවෙනවා මෙහි ඇත්තේ පුදුමාකාර එකිනෙකට වෙන්කර හදුනාගත නොහැකි ගුණ ගණනාවක්.

බොහෝ සංස්කෘතීන් වල වසර දහස් ගණනාවක් වකුගඩු සහ මුත්‍රා රෝග වලට ප්‍රතිකාරයක් ලෙස පොල්පලා භාවිතා කර ඇත්තේ එහි අඩංගු වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර ශරීරයෙන් දියර ඉවත්කරමින් (diuretic ) මුත්‍රා මාර්ගය පිරිසිදු කිරීමේ හැකියාවත් ක්ෂුද්ර ජීවි විනාශ කිරීමේ හැකියාවත් නිසයි.

පොල්පලා වල ඇති ප්‍රති පරපෝෂිත (anti parasite) ගුණය නිසා කුඩා දරුවන්ගේ පණු අමාරු වලට සහ තයිෆොයිඩ් උණට ප්‍රතිකාරයක් ලෙසත් මැලේරියාව රෝගය අවම කර ගැනීමටත් පුළුවන්’ හිසරදයට පොල්පලා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන අතර ගොනෝරියා නමැති සමාජ රෝගය සමනය කිරීමටත් බහුලව යොදා ගන්නවා රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට පොල්පලා වලට එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ක්ෂුද්‍ර ජිවින්ට විරුද්ධව (anti microbial) ක්‍රියාත්මක කරන්නට පුළුවන්

’ මේ අතරට ස්ටෆිලොකොකස්” ක්ලේබ්සියෙල්ලා” ඊ කෝලයි” ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත් භාෂ්මික ගුණ ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත් ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්.

රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හෘද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්.

මිට අමතරව පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද ශරීරයට ප්‍රතිශක්තිය ලබාදීමේ හැකියාවත් අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා.

ලොව පුරා රසායනාගාර පර්යේෂණවලට නිරන්තරයෙන් බඳුන් වන මේ පුදුමාකාර පැලෑටිය දිනපතා පර්යේෂකයන් පුදුමයට පත් කරවන්නේ මෙහි ඇති වෙන්කර හදුනාගන්නට බැරි අසමාන ගුණ ප්‍රමාණයයි.

ඇමෙරිකානු ඖෂධක පර්යේෂණ ආයතනය පවසන්නේ පොල්පලා ශාකයේ විවිධ කොටස් වල ඇති ජිව රසායන විවධත්වය නිසා මේ ගුණ ලැබෙන බවයි.

භාවිතා කරන ආකාරය මල් හටගන්නට පෙර ලපටි පොල්පලා පැලය කව්පි අහුරක් හෝ කොස් ඇට දමා ව්‍යජනයක් ලෙස නොමේරූ පොල්පලා කොළ රතුළුණු” උම්බලකඩ” දෙහි” පොල් දමා දමා අමුවට රසවත් සම්බෝලයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස කලවම් පලා මැල්ලුමක් ලෙස අවුරුද්දට අඩු අලුතින් ඝන ආහාර ගන්නා ළදරුවන්ට පොල්පලා දළු රතුළුණු පොල්කිරිදමා පිසූ විට කදිම මුල් ආහාරයක් සපයනවා.

(දිරවීමට ඇති පහසුව සහ අනිකුත් ගුණ නිසා ළදරුවාගේ නිරෝගී බව වර්ධනය කර අනිකුත් ආහාර ගැනීමට හැකි ලෙස ආහාර මාර්ගය සුදානම් කිරීමට මේ අගනා ඖෂධය හේතු වෙනවා) පොල්කිරි සහ සහල් මිටක් දමා කොළ යුෂ වලින් සාදා ගන්නා පොල්පලා කැඳ ඉතාම රසවත් උදේ ආහාරයට ආදේශකයක් වියලා හෝ අමුවෙන් පොල්පලා ශාකයේ සියලුම කොටස් තම්බා පෙරා ගන්නා ඔසුපැන පිපාසය නිවාලන දහසක් ගුණ රසවත් පානයක් අමු පොල්පලා පළාවක් ලෙස මැල්ලුම් සකස් කර ආහාරයට ගත හැකිය.

කොළ කැඳ සඳහා ප්‍රකටව භාවිතා කරයි.

ඔසු පැන් ලෙස පානය කිරීමසුදුසුය.

රුසියාව, ජර්මනිය වැනි රටවලද වකුගඩු පිරිසිදු කරන පානයක් ලෙස ප්‍රසිද්ධය.

වසර පුරාම මල් පිපෙන පොල්පලා ශාඛවල හොඳීන් මේරූ වියළි කිනිති පොඩිකර බීජ ලබාගත හැකියි.

පිරිසිදු කළ කළු පැහැති බීජ හෝ වියලා පොඩි කළ මල් කොටස් කෙලින්ම වැපිරිය හැකියි.

හේන් වපුරන්නා සේ මඳක් බුරුල් කළ ලොම් පසේ බීජ විසුරුවා තුනී පස් තට්ටුවකින් වසා දැමිය යුතුයි.

ක්‍රමානුකූ®ල වගාවලදී මනාව හිරුඑළිය වැටෙන ලොම් පසක සෙ.මී. 45 – 60 ඈතින් කාණු ක්‍රමයට පස බුරුල් කර කොම්පෝස්ට් මිශ්‍ර පස් පිරවූ පේළිවල බීජ වැපිරිය හැකිය.

මුල් දින කිහිපයේ හොඳීන් ජලය යෙදිය යුතුය.

මාස 5 / 4 කදී ශාකය සම්පූර්ණ ලෙස වැඩී තිබේ.

අක්කරයක පොල්පලා වගාවකින් වියළි කිලෝග්රෑම් 800ක් පමණ ලබාගත හැකිය.

වත්මන් ඖෂධ නිෂ්පාදනය සඳහා පොල්පලා ශාකයට වැඩි ඉල්ලුමක් පවතී.

මෙම වගාවට ගොවීන් යොමු වීමෙන් වැඩි වාසි අත්කර ගත හැකිය.

උණුසුම් දේශගුණික තත්ව හා හොඳින් හිරැ එළිය පවතින විට ශාකය හොඳින් වර්ධනය වේ.

මුල් අවධියේ හොඳ පාංශු තෙතමනයක් අවශ්‍ය වන අතර යල හා මහ කන්නවල වර්ෂාව ඇරඹීමත් සමගම ක්ෂේත්‍රයේ සිටුවීමෙන් කන්නය අවසානයේදී ඇතිවන ජල ඌනතවන් මගහරවා ගත හැක.

සාරවත් භාවය අඩු ආන්තරික පාංශු තත්වයන් යටතේද මනා භෝග පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් හොඳ අස්වැන්නක් ලබා ගත හැක.

දැඩි හානිකරන කෘමි රෝග නැත. පත්‍රර කන දළඹුවන් සිටී නම් අතින් ඉවත් කළ හැක. කොහොඹ ආශ්‍රිත කෘමි නාශකයක් යෙදිය හැක.

උපුටා ගැනීමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *