” නිහත ඔයා හරිම වාසනාවන්තයි එයා ඔයාගෙ මැනිකෙ කර ගන්න තරම්…” ශලනිගේ හොදම මිතුරිය ගීතිකා කිව්ව කතාව
මෙරට කලාව තුළ ජනප්‍රියත්වයට පත් ලාංකිකයන් හැමෝගෙම වගේ ආදරය හිමිකර ගත්තු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. ඇත්තෙන්ම ඇය ගැන ඉතින් අපි ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කොහොම නමුත් මේ දිනවල ඇය ගැන වැඩිපුර කතාබහට ළක්ව තිබෙනවා. ඒ දින කිහිපයකට පෙරදී සංවිධානය කෙරුණු ඇගේ විවාහය නිසාවෙනුයි.
ඒ විදිහට සංවිධානය කෙරුණු ඇගේ විවාහයට මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය තරු රැසක් සහභාගිව ඉන්නවාත් අපට දැකගන්නට ලැබුණා. එලෙස විවාහයට සහභාගිව හිටපු බොහෝදෙනෙකු සිය අදහස් ප්‍රකාශයට පත් කරන ආකාරයත් අපට දැකගන්නට ලැබුණා.
අද අපි කතා කරන්න යන්නේ ඇගේ විවාහයට සහභාගිවු ඇගේ හොදම මිතුරිය ගීතිකා කිව්ව කතාවක් ගැනයි. ඇත්තෙන්ම යාළුකම් හියන්නේ හරිම වෙනස් බැඳීමක්. ඒක ඇතුලේ ලේ නෑකම් නැති වුණාට සමහර යාළුකම් මුළු ජීවිතේටම අමතන වෙන්නේ නැති තරම්..
ඉතින් ශලනිගෙයි ගීතිකාගෙයි බැඳීමත් අන්න ඒ වගේ බැදීමක්. කොහොමහරි ඉතින් දුකේදී වගේම සැපේදීත් ශලනිත් එක්ක ලගින් ඉන්න ගීතිකා කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.
"ලියන්න ගොඩාක්දේ තිබුනත් කෙටියෙන්ම ලිව්වොත්..
මේ හැබෑ උනේ ඔයාගෙ හීනයක් විතරක් නෙමෙයි..!
ඔයාගෙ ජීවිතේට සතුටම විතරක් පතපු, සතුටෙදි කෙසේ වෙතත් දුකේදි මොන දේ තිබ්බත් ඔයා වටේ රැදෙන ඔයාගෙ හිතට පුංචිම හෝ හය්යක් වෙන්න උත්සාහ කරන, වැලදගෙන හැමවෙලේම ඇලුම්කම් නොපෙන්නුවත් මේ හිතේ ඔයාට මොනතරම් ආදරයක් තියෙයිද කියල ඔයාට දැනිල ඇති..
මං දැක්ක ලස්සනම උඩරට මැනිකේ.. ඒකයි මට උබව දැක්කම කදුලු නවත්තගන්න බැරි උනේ.. මේ හැබෑ උනේ උබේ ලස්සන පරාර්තකාමී හිත නිසා ජීවිතේ නරකම දවස්වලත් හුස්ම ගන්න කියාදී ඔයා රැකගත් එකියකගේත් හීනයක්.. ආදරෙයි ශලා.. ලග ඉන්නකොට ගානක් නැති උනත් ඔයා දුරක ගිය දාක ඒ අඩුව පුරවන්න ජීවිතේට යෙහෙලියක් මට නැති වෙයි.. ඒ මහා ලොකු හිතේ නිහතමානී අයිතිකාරයා.. නිහත ඔයා හරිම වාසනාවන්තයි එයාඔයාගෙ මැනිකෙ කරගන්නතරම්..
දෙන්නටම ආදරෙන් පතන්නම් සුභ මංගලම් !
පතන්නම් හැමදාටම එකට ඉන්න ආදරෙන්!"