News

මුළු ලෝකයම හිනා වෙද්දී, මුළු ලෝකයම ගල් ගහද්දී ඔයා ඒ ගල්වලින් හරි හයියට ගෙයක් හැදුවා… යුගදිවියට ගිය ශලනි ගැන චන්ද්‍රමාල් ජයසිංහ කිව්ව කතාව

පහුගිය කාල සීමාව තුළ ලාංකිකයන් හැමෝගෙම අවධානය දිනා ගැනීමට ජනප්‍රිය නිළි ශලනි තාරකාට හැකියාව ලැබුණා. ඒ මීට දින කිහිපයකට පෙරදී සංවිධානය කෙරුණු ඇගේ විවාහය නිසාවෙනුයි.

සුරූපී තාරකාවක් වන ශලනි ගැන කතා කරනවානම් ඇය කාලයෙන් කාලයට තමන් වෙතට ආව ගල් මුල් ප්‍රහාරයන් හමුවේ නොසැලී ඉදිරියට ගියපු සුරූපිනියක් ලෙස හදුන්වන්න පුළුවන්.

ඇගේ ඒ ශක්තිය ගැන රූපලාවණ්‍ය ශිල්පියෙකු වන චන්ද්‍රමාල් ජයසිංහ සටහනක් එකතු කරමින් කියල තිබුණේ මෙන්න මේ විදිහේ කතාවකුයි.

“මුලු ලෝකයක් එකතුවෙල හිනාවෙද්දි මුලු ලෝකයක් එකතුවෙල ගල් ගහද්දි ඒ ගල් වලින් හරි හයියට තමුන් වටේ ඒ ගල් වලින් බැම්මක් හදන් කදුලු වලට හිනාවෙලා ජිවිත් වෙන හරි හයිය මිනිස්සු අපි මිනිස්සුන්ගෙ ජිවිත වල දන්නා දේවල් නැත නොදන්නා දේ වැඩිය සමහර මිනිස්සු මුලු ජිවිත කාලේම කියෙව්වද අදුනාගන්න බැරි කාලේක තව කෙනෙකුට ගල් නොගසා පද නොහදා මනුස්සකමින් මිනිස්සුන්ගෙ ජිවිත වලට වටිනාකම් දෙමු…! ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *