ලෝකයේම අවධානය හිමිකර ගනිමින් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය වු සුනඛයා මියයයි
වර්තමානය වනවිට අන්තර්ජාලය තුළ වගේම සමාජ ජාලා මාධ්‍ය තුළත් ජනප්‍රියත්වයට පත් කාගෙත් අවධානයට ළක්වු සුනඛයෙකු වන Cheems මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
පසුගිය ජූලී මාසයේදී ඔහු පිළිකා රෝගයට ගොදුරුව සිටින බව සොයාගෙන ඇති අතර ඊට අවශ්‍යය ප්‍රතිකාර කරමින් සිටි බවයි වාර්තා වෙන්නේ.
කෙසේ නමුත් එලෙස ප්‍රතිකාර ලබමින් සිටි සුනඛයා අද මියගිය බවයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණේ. අද දිනයේ එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලෙස සැත්කමක් සිදුකර තිබෙන අතර එම සැත්කම අතරතුර ඔහු මියගිය බවයි වාර්තාවෙන්නේ.
ලෝකයේම ආදරය හිමිකර ගත් Cheems ගේ හිමිකරුවන් ප්‍රකාශ කර සිටියේ මම සැත්කමෙන් අනතුරුව තම සුරතලාට රසායනික චිකිත්සාව හෝ වෙනත් ප්‍රතිකාරයක් කිරීමට සැලසුම් කර තිබුණද ඊට දැන් ප්‍රමාද වැඩි බවයි.
වයස අවුරුද්දක්ව තිබියදී Balltze නමින් හදුන්වනු ලැබු cheems හොංකොං හී පවුලක් විසින් හදා වඩා ගැනීමට ලබාගෙන තිබෙනවා.
2010 වසරේදී ලබාගත් cheems ගේ ජායාරූපයක් 2013 වසරේදී සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වීමෙන් අනතුරුවයි මෙලෙස Mems' නිර්මාණය වී තිබුණේ.