News

රජ පවුලට විතරක් කෑමට අවසර ලැබුණු ශරීරයේ ති,රිහන්කම රැකෙන ඇල් හාලේ බත් කාපු කසුන් , මාධවී වෙනුවෙන් තබපු සටහන

ලංකාවේ අපේ කලාව තුළ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ජනප්‍රියත්වයට පත් සුන්දර චරිතයක් තමයි මාධවී වත්සලා කියන්නේ. ඇත්තෙන්ම කලාව වෙනුවෙන් සුවිශේෂ වු කාර්‍යබාර්‍යයක් ඉටුකරන පවුලකින් එන ඇයව මේවෙද්දී මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්

කොහොමවෙතත් මාධවී කියන්නේ රංගනයට දක්ෂ නිළියක් වගේම රසට උයන්නත් හරි දක්ෂ කෙනෙක්. ඒ බව කසුන් ලියන හරි රසවත් සටහන්වලින් අපිට දැනගන්න පුළුවන්. කසුන් අදත් ඒ වගේ සටහනක් තබලා තිබුනා.

ඒ විදිහට සටහනක් එකතු කරමින් කසුන් කියල තිබුණේ මෙහෙම කතාවකුයි. ඇත්තෙන්ම ඒ සටහන කියෙව්වත් ඒ කෑමවලට රස ඔබටත් අනිවාර්යයෙන්ම දැනේවි.

අපි දෙන්න ම නිවාඩුවෙ ඉන්න දවසට අපි එකේක රසමසවුළු අත්හදා බලනව. මාධවීගෙ යෝජනාවක් අනුව අද දවල් කෑම වේලට අන්නේ වගේ සීයට සීයක් ඕගැනික් ස්වදේශීය බත්පතක් කෑමට ගත්ත. සීයට සීයක් ම මේ රසමස හැදුවෙ එයැයිගෙ අසමසම ඇඟිලි තුඩගින් තමයි.

මං කළේ ඉතිං එයැයි උයනකල් එකේක කවි කතා කියෝ කියෝ එයැයි වටේ කැරකි කැරකි උන්නු එක. මේ හාල ‘ රන් කුමුදු ඇල්. ‘ පුරාතන ජනප්‍රවාද අනුව ඉතිහාසෙ රජ පවුලට විතරයිලු රන් කුමුදු ඇල් බත රසවිඳින්න අවසර ලැබුණෙ. මේ බත ඉදෙනකොට එන සුසුවඳ අරුමැසියි. බුදිනකොට එන හැඟීම සමීපයි. බඩට යනව සනීපයි.

ලෙඩ රෝග රැසකට වගේම ශරීරෙ තිරිහන්කම රැකගන්නත් රන් කුමුදු ඇල් ගුණයි කියල තමයි පොත පතේ තියෙන්නෙ. පොලොස් කියන්නෙත් සුද්දො පවා විමතියට පත් අපේ රහක්. ඉස්සොයි මුරුංගයි කියන්නෙ ඉතිං සාලියයි අසෝකමාලයි වගේනෙ.

එකට ඇලිල ගැලිල වෙලිල ඉන්නකොට රසනහර පිනා යනව. ඒකාකාරී ජීවිතවලින් මිදෙන්න ඔයාලත් හැකිනං ඉඳල හිටල හරි ආදරේ කටගැස්මක් කරගන්න

ඒකාකාරී ජීවිතවලින් මිදෙන්න ඔයාලත් හැකිනං ඉඳල හිටල හරි ආදරේ කටගැස්මක් කරගන්න !

කසුන් මහේන්ද්‍ර හීනටිගල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *